අපි මුස්ලිම් බහු විවාහ ළමා විවාහ නීති වෙනස් කරලා මුළු රටම එක නීතියක් යටතට ගේනවා! (video)

June 23, 2019 at 10:08 pm | by emanisa.lk

එක්තරා ආණ්ඩුකාරයෙක් කිසිදු ලැජ්ජාවක් නැතිව ජාතික නිදහස් උළෙලට භාර්යාවන් දෙදෙනෙකු රැගෙනවිත් දෙපැත්තෙන් වාඩිකරගෙන සිටි බවත් නිවේදකයා ද ආඩම්බරයෙන් අහවලා පැමිණේ යැයි ප්‍රකාශ කළ බවත් සියලු දෙනා අත්පොළසන් දී ඔවුන් පිළිගත් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

යම් අයකු දෙදෙනෙකු නොව ඊට වඩා පිරිසක් සමග වුව යාම තමන්ට ප්‍රශ්නයක් නොවුණ ද මෙවැනි තත්ත්වයක් රාජ්‍ය උත්සවයක නොවිය යුතු බව හෙතෙම කීවේය.

එක්තරා උසස් රැකියාවක් කරන මුස්ලිම් කාන්තාවක් තමන් මුණ ගැසී ඇගේ පියා විසින් වයස 13 දී පමණ කිසිදා දැක නැති අයකුට තමන් විවාහ කර දුන් බවත් වයස 21 වන විට දරුවකු සමග වැන්දඹුවක වූ බවත් ප්‍රකාශ කළේ යැයි ද එය කනගාටුදායක තත්ත්වයක් යැයි ද පෙන්වා දුන්නේය.

මේ රටේ පිරිසකට විවාහ හතරක් කර ගැනීමට නීති ඇති බවත් ඒ තත්ත්වය වහා වෙනස් කළ යුතු බවත් රටේ පැවතිය යුත්තේ එක නීතියක් බවත් හෙතෙම අවධාරණය කළ විපක්ෂ නායකවරයා මෙම තත්ත්වය වෙනස් කිරීමට තමන් බැඳී සිටින බවත් සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස