සිංහල කතුන් වඳකළ වෛද්‍ය ෂාෆි බේරාගත් අපරාධකරුවෙක් රටින් පනී! ඉතිරි අපරාධකරුවන් පළායන්න කලින් විධිමත් පරීක්ෂණයක් කරන්න! – රතන හිමි

November 26, 2019 at 9:31 am | by emanisa.lk

මවුවරුන් දහස් ගණනක් වන්ද්‍යාකරණයට ලක් කළේ යැයි කියන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සම්බන්ධ සිදුවීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටින බව අතුරලියේ රතන හිමි ඊයේ (25) පැවසීය

එම සිදුවීම සම්බන්ධයෙන් මේ වනතෙක් විධිමත් පරීක්‍ෂණයක් සිදුව නැති බව සඳහන් කළ උන්වහන්සේ ජනාධිපති කොමිසමක් හරහා සියලු සත්‍ය රට හමුවේ අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පැවසූහ.

වෛද්‍ය ෂාෆි සම්බන්ධ පරීක්‍ෂණවලදී ඉතාමත් අගතිගාමී ලෙස ක‍්‍රියාකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා රටින් පැන ගොස් ඇති බවත් එහි සහකාර පොලිස් අධිකාරී තිසේරා සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ද රටින් පලා යෑමට පෙර ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවත් රතන හිමියෝ පැවසූහ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීම වැළැක්වීමට පැවැති රජයේ ඉහළ දේශපාලනඥයන් ඇතුළු බොහෝ පිරිසක් කටයුතු කළ බව පැවසූ රතන හිමියෝ මෙහි සත්‍ය අනාවරණය කර ගැනීමෙන් කාලයේ වැලිතලාවෙන් වැසී ගිය බොහෝ සිදුවීම්වල සත්‍ය අනාවරණය වනු ඇති බව සඳහන් කළහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස