දොස්තර ෂිහාබ්ඩීන් ඉක්මන් නිදහස් කරන්නැයි ඇමති හලීම් ජනාධිපතිට කියලා!

May 26, 2019 at 1:08 pm | by admin

ඉතාම කෙටි කාලයක් තුළ විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් අදාළ පරීක්ෂණ සිදු කර ඉක්මණින් නිදහස් කරන ලෙස ඇමති අබ්දුල් හලීම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඇමති හලීම් පවසා ඇත්තේ දොස්තර ෂිහාබ්ඩීන් මෙන්ම ඔහුගේ බිරිඳ ද වෛද්‍යවරියක බවත් එම වෘත්තියේ නියැලීමට අමතරව ඔවුන් ව්‍යාපාර කටයුතු ද කරන බැවින් විශාල ධනයක් උපයා ගැනීම විය හැක්කක් බවය.

මෙම වද්‍යවරයා කුරුණෑගල එජාප ලැයිස්තුවෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අතර පරාජිත ලැයිස්තුවේ වැඩිම මනාප ලාභියා ඔහුය.

කෙසේ වුවද ඔහුට මේ වන විට සිංහල කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කිරීම, රෝහලේ දී දරුවන් මාරුකිරීම, මුස්ලිම් කාන්තාවන් LRT සැත්කම්වලට භාජනය කළ බවට අසත්‍ය ලේඛන සැකසීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස