වෛද්‍ය ෂාෆි ගැන ඇමති රාජිතගේ කමිටුව GMOA ප්‍රතික්ෂේප කරයි!

May 28, 2019 at 2:06 pm | by admin

වෛද්‍ය මොහොමඩ් ෂාෆි සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා හය දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් පත් කර තිබේ.

කෙසේ වුවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛාව රැස්ව ඇති බවත්, ඔවුන් කුරුණෑගල රෝහල් ශාඛාව ලෙස අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ කමිටුව පිළි නොගෙන සිටීමට තීරණය කර ඇති බවත් වෛද්‍ය නලින්ද සොයිසා මහතා පවසයි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුවත් ඒ තීරණය සමඟ කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වෛද්‍ය ආචාර ධර්ම පිළිබඳ සොයා බැලීමට රටේ වෛද්‍ය සභාවක් ඇති බවත් ඒ අනුව වෛද්‍ය සභාව මඟින් පරීක්ෂණයක් කළ යුතු බවත් නවීන්ද සොයිසා මහතා කියා සිටියේය.

වෛද්‍ය සභාව යනු තාක්ෂණීක තීන්දු ගන්නා ආයතනයක් බවත් එසේ ගන්නා ලද තීන්දුවලට සෞඛ්‍ය අමාත්‍යවරයා අත්සන් නොකරන්නේ නම් මෙම කමිටුව පරීක්ෂණය තුළින් ද නිසි පරීක්ෂණයක් සිදුවේයැයි කිසිදු විශ්වාසයක් නොමැති බව ද වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *