ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර වෛද්‍ය ෂාෆි රිමාන්ඩ් කරයි! පරීක්ෂණ සඳහා වෛද්‍ය මහාචාර්ය කමිටුවක් පත් කරන්න නියෝග කරයි!

July 12, 2019 at 10:03 am | by emanisa.lk

කුරුණෑගල රෝහලේදී සිසේරියන් සැත්කම් කිරීමේදී මවුවරුන් වඳභාවයට තැත් කිරීම ඇතුළු චෝදනා එල්ල වූ වෛi මොහොමඞ් ෂාෆි ලබන 25 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඊයේ (11) නියෝග කළේය.

එම සැකකරුට එරෙහිව එල්ලවී ඇති චෝදනා සහ එකී චෝදනාවල බරපතළකම මෙන්ම ඇතිවිය හැකි මහජන කැළඹිලි කෙරෙහි අවධානය යොමු කළ තම අධිකරණය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික‍්ෂේප කරමින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

මෙම සැකකරුට අයත් සියලූ දේපළ සම්බන්ධයෙන් රජයේ තක්සේරුකරු මගින් තක්සේරු වාර්තාවක් කැඳවීමට ද අධිකරණය එහිදී නියෝග කළේය.

එමෙන්ම විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගෙන් ලබාගත් ප‍්‍රකාශයේ සම්පූර්ණ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත‍්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

වෛද්‍ ෂාෆි මහතා විසින් කළ සිසේරියන් සැත්කම්වලදී මවුවරුන්ගේ පැලෝපීය නාළයන්ට හානි සිදුවී ඇති දැයි අනාවරණය කර ගැනීම සඳහා සිදු කිරීමට නියමිතව තිබූ එච්. එෆ්. ජී. පරීක්‍ෂණය තාවකාලිකව තවදුරටත් අත්හිටුවීමට ද එහිදී නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා එකී පරීක්‍ෂණ සිදු කළ යුතු නිවැරදි ක‍්‍රමවේදය කුමක්දැයි කොළඹ විශ්ව‍විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් 05 දෙනකුගෙන් සමන්විත කමිටුවක් මගින් අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙසට ද වෛද්‍ය පීඨාධිපතිවරයාට නියෝග කළේය.

සැකකාර වෛද්‍ය ෂාෆි විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (11) අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුගේ රැඳවුම් නියෝග ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් පෙරේදා (10) ඉවත් කළ බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව විමර්ශන නිලධාරීහු පෙන්වා දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස