මට සල්ලි වගේම දේශපාලන බලයත් තියෙනවා! වෛද්‍ය ෂාෆි තමා පිළිබඳ පැමිණිලි කළ වෛද්‍යවරියට තර්ජනය කරයි! (video)

June 28, 2019 at 7:51 am | by emanisa.lk

වෛද්‍ය ෂාෆි ආරක්ෂා කිරීමට අධිකරණය හමුවේ නිර්ලජ්ජිත ලෙස පෙනී සිටිමින් සිදුකළ කාර්ය නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳ තමන් තුළ පැවති විශ්වාසය සම්පූර්ණයෙන් බිඳ වැටුණු බව අතුරලියේ රතන හිමි පවසයි. මෙම සිද්ධිය පිළිබඳ අධිකරණයේ කරුණු දැක්වූ තිසේරා නම් නිලධාරියා පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස එහි උසස් නිලධාරීන්ගෙන් රතන හිමි ඉල්ලා සිටියේය.

මේ අපරාධය ලෝකයටම රැගෙන යන බවත් නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට මෙම සිද්ධිය රැගෙන යන බවත් සඳහන් කළ රතන හිමි දැනටමත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රධාන ජාතික වෛද්‍ය පීඨය මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට දැනටමත් හෙළි කර ඇති බව ද හෙළි කළේය. ලබන සතියේ ඉන්දීය මහාචාර්යවරු ලංකාවට ගෙනැවිත් මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන බව ද රතන හිමි අවධාරණය කළේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි ප්‍රකාශ කළේ වෛද්‍ය ෂාෆි ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට හෝ අයථා ලෙස මුදල් ඉපයූ බවට කිසිදු සාක්ෂියක් නොලැබුණු බවත් එහෙයින් ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කර ඔහු නිදහස් කිරීමට කටයුතු කරන බවත්ය.

කෙසේ වුවද සිංහල සහ දෙමළ මව්වරුන් සීසර් කිරීමේ දී ඒවා ඉතාම කෙටි කාලයක් තුළ කළ බවටත් එම සැත්කම් අවසාන භාගයට ළං වන විට සහාය කාර්ය මණ්ඩලය ශල්‍යාගාරයෙන් පිටතට යැවීමට කටයුතු කළ බවටත් වෛද්‍ය ෂාෆිට එරෙහිව සාක්ෂි ලැබී ඇතැයි හෙළිවිය.

එසේම නිර්වින්දන වෛද්‍යවරියක වන දීපානි චන්ද්‍රසේන වෛද්‍ය ෂාෆි පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර ඇති අතර ඒ පිළිබඳ දෙදෙනා අතර රෝහල් කොරිඩෝවේ දී වචන හුවමාරුවක් සිදුව ඇති අතර තමන්ට මුදල් මෙන්ම දේශපාලන බලය ද ඇතැයි වෛද්‍ය ෂාෆි එම වෛද්‍යවරියට තර්ජනය කළ බව ද අනාවරණය විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස