ලංකාව අත්පත් කරගෙන ඉස්ලාමීය රාජ්‍ය ධජය ඔසවන්න ඕන කීි සහරාන් සමග දේශපාලකයන් ගිවිසුම් ගැහුවා! – මොහොමදු සහ්ලාන්

June 21, 2019 at 8:40 pm | by emanisa.lk

මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතු යැයි සහරාන් කළ දේශන පිළිබඳ බලධාරීන් දැනුම්වත් කළ බව කාත්තන්කුඩි සූෆි මුස්ලිම් සංවිධානයේ මොහොමදු සහ්ලාන් මව්ලවිවරයා පවසයි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ (18) සාක්ෂි දුන් මව්ලවිවරයා සඳහන් කළේ, අදාළ පැමිණිලි පිළිබඳ කිසිදු බලධාරියෙකු පියවර නොගත් බවයි.

එහිදි පිලිතුරු දුන් සූෆි මුස්ලිම් සංවිධානයේ මොහොමදු සහ්ලාන් මව්ලවි පැවසුවේ තම පාර්ශවය සූෆි ප්‍රතිපත්තිය අනුගමනය කරන පාරම්පරික මුස්ලිම්වරු බවත් සහරාන් ඉස්ලාම් මධ්‍යස්ථානය සමඟ එක්ව කටයුතු කර පසුව අර්බුදයක් නිසා ඉන් ඉවත් වු බවත්ය.

2011 ඔහු ජාතික තවුහිද් ජමාද් පිහිටුවාගෙන කටයුතු කළ බවත් තවුහිද් නමින් මාසික සඟරාවක් 2013 දී ප්‍රසිද්ධ කළ බවත් වම්ලවිවරයා එහිදි පැවසීය.

ඒ සඟරාවෙනුත් පහර ගැසුවේ සුෆි මුස්ලිම්වරුන්ට බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිළි 11ක් පමණ 2013 – 2014 කාලවලදී ඉදිරිපත් කළ බවද ඔහු එහිදි ප්‍රකාශ කළේය.

එහිදි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකයන් සහ සූෆි මුස්ලිම් සංවිධානයේ මොහොමදු සහ්ලාන් මව්ලවි අතර අතර ඇති වූ සංවාධය පහත පරිද වේ,

”ප්‍රශ්නය –
(සරත් ෆොන්සේකා)
ඔහු ජනාධිපතිවරණයේදී කොහොමද වැඩ කළේ?

පිළිතුර –
(මොහොම්මදු සයිලාන් මව්ලවි)

ඔහු වැඩ කළේ මහින්ද රාජපක්ෂට විරුද්ධවයි.

ප්‍රශ්නය –
(එම්.ඒ. සුමන්තිරන්)
සහරාන් සමඟ ගිවිසුම් ගැහුවේ කවුද ?

පිළිතුර –
(මොහොම්මදු සයිලාන් මව්ලවි)

ෂාෆි සාලි, ෂිබ්ලි ෆාරුක්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ඒ.එල්.එම්. රූබී, අබ්දුර් රහුමාන්, මේක සුෆිවරුන්ට විරුද්ධ ගිවිසුමක්. 2016දී ඔහු කතෝලික ජනතාවට විරුද්ධව කතා කළා. නත්තල් උත්සවයට විරුද්ධව කතා කළා.

ප්‍රශ්නය –
(සරත් ෆොන්සේකා)
බෞද්ධ අයට විරුද්ධව කතා කළේ නැද්ද?

පිළිතුර –
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
මම ඒ ගැන දන්නේ නැහැ. 2016 සහ 2017 වර්ෂවලදී ඔහු රැස්වීම් 3ක් පවත්වලා ලංකාවට එරෙහිව කතා කළා. මුස්ලිම් නොවන අය මරන්න ඕන කියලත් කිව්වා. 2016ට කලින් ඔහු එහෙම කතා කළේ නැහැ. 2016 දෙසාම්බර් මාසයේ තමයි ඔහු මේ විදිහට කතා කළේ. ඒ රැස්වීම තිබ්බේ හිස්බුල්ලා සංස්කෘත මධ්‍යස්ථානයේ.

ප්‍රශ්නය –
(සරත් ෆොන්සේකා)
ඒ ප්‍රකාශය ගැන ඔබලා පැමිණිලි කළාද?

පිළිතුර –
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
ඔව් පැමිණිළි කළා. සහරාන් කිව්වා, මව් රටට ආදරය කරන කෙනෙක් මුස්ලිම් වෙන්න බැහැ. ජාතික කොඩිය එසවීම ඉස්ලාමීය රාජ්‍යට බාධාවක්. ලංකාවේ ඉස්ලාමීය ධජය ඔසවන්න ඕන. ලංකාව මුස්ලිම්ලා අත්පත් කරගන්න ඕන. අපි මේ ගැන ලිපියක් මගින් ජනාධිපති කාර්යාලයටත් අගමැති කාර්යාලයටත්, විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමාටත්, රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාටත්, සාගල රත්නායක අමාත්‍යවරයාටත් පැමිණිළි කළා. විඩීයෝ ඉදිරිපත් කළා. ඩී අයි ජී නාලක සිල්වාටත් පැමිණිලි කළා.

ප්‍රශ්නය –
(සරත් ෆොන්සේකා)
සහරාන්ගේ ඒ කතාවලින් පසු කවුරුන් හෝ ඊට එරෙහිව පියවර ගත්තද ?

පිළිතුර –
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
නැහැ, කවුරුත් පියවර ගත්තේ නැහැ. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිපියක් ආවා එය අග්‍රාමාත්‍යවරයාට යොමු කරනවා කියලා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිපියක් ආවා මෙයට අවශ්‍ය පියවර ගන්නවා කියලා. සහරාන්ලා තවුහිද් ජමාත් සාමාජිකයින් මම සුෆි මුස්ලිම්වරයෙක්. අපිට ලොකු හිරිහැර සිදුවුණා.

(හඬා වැටෙයි)

ප්‍රශ්නය –
(ආශු මාරසිංහ)
කාත්තන්කුඩියේ වහාබ්වාදය අනුගමනය කරන පල්ලි කීයක් තිබෙනවද?

පිළිතුර –
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
හරියටම කියන්න බැහැ. 10ක් 15ක් විතර තියෙනවා. අන්තවාදය තියෙනවා නම් එතන ත්‍රස්තවාදයට ඉඩක් තිබෙනවා. වහාබ් කියන්නේ අන්තවාදී ස්ථාවරයක්.

ප්‍රශ්නය –
( සුමන්තිරන්)
අනෙකුත් මිනිසුන් මරන්න ඕන කියන වහාබ්වාදීන් තවත් ඉන්නවද?

පිළිතුර –
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
මම හිතන්නේ සහරාන්,නියාස් වගේ අය තමයි එහෙම කිව්වේ.

ප්‍රශ්නය –
(ආශු මාරසිංහ)
සහරාන් මැරුණට පස්සේ සුෆි අයට තිබුණු තර්ජනය අඩු වෙලා තියෙනවද?

පිළිතුර –
(මොහොම්මදු සයිලාන් මව්ලවි)
ඔව්.. දැන් නිහැඬියාවක් තියෙනවා. නමුත් ඒ කල්ලියේ අය තවත් හැංගිලා ඉන්න පුළුවන්. සියලු පල්ලි අන්තවාදය ගෙන යන්නේ නැහැ. නමුත් සමහර පල්ලිවල දැඩි මතයට ඉඩක් තියෙනවා. ඒක අනාගතයේදී තර්ජනයක් වෙන්න පුළුවන්. “

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස