වෛද්‍ය ෂාෆි සාන්තුවරයෙක් කරන මාධ්‍ය මෙහෙයුමක් සූදානම්! කොන්ත්‍රාත්තුව ලක්ෂ 600යි! වැඩේට විපක්ෂයේ වෛද්‍ය මන්ත්‍රීවරයෙකුත් විකිණෙයි!

August 3, 2019 at 10:41 am | by emanisa.lk

එක්තරා පෞද්ගලික මාධ්‍යයක් යොදා ගනිමින් ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා නිර්දෝෂී පුද්ගලයකු බවට රට හමුවේ නිරාවරණය කිරීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ පැවසීය.

රුපියල් ලක්ෂ 600කට මේ සඳහා නාළිකාවක් සහ විරුද්ධ පක්‍ෂයක්‌ නියෝජනය කරන වෛද්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙන් කර ඇති බවට වාර්තා වී ඇතැයි හෙතෙම කීය.

වෛද්‍ය ෂාෆිට කලින් සකසා ගත් ප්‍රශ්න මාලාවක් ලබා දෙමින් රට හමුවේ මෙම මෙහෙයමු දියත් කිරීමේ සූදානමක් ඇතැයි හෙතෙම වැඩි දුරටත් පැවසීය.

දේශපාලන මැදිහත්වීම් තුළින් එම වෛද්‍යවරයා නිර්දෝෂී පුද්ගලයකු කිරීමට උත්සාහ දැරීම වැරදි පූර්වාදර්ශයක්‌ බවත් ඒ පිළිබඳව කනගාටු වන බවත් පැවසූ මන්ත්‍රීවරයා මේ තත්ත්වය ඒ ආකාරයට වර්ධනය නොවනු ඇතැයි විශ්වාස කරන බවත් පැවසීය.

එක්‌සත් ජාතික පෙරමුණේ පසුගිය මහ මැතිවරණයට තරග කළ මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා අදාළ අංශ ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකළ නිසා සැකකාර වෛද්‍යවරයාට ඇප ලැබුණු බවට මේ රටේ සමාජ මතයක්‌ ගොඩනැඟී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස