වෛද්‍ය ෂාෆි තමන්ට හානියක් කර ඇතැයි සැකනම් කුරුණෑගල රෝහලට පැමිණිලි කරන්න! CIDයේ හෝ අධිකරණයේ දී නොමිලේ නීති සහාය අපි දෙනව! – ලීගල් ඇක්ෂන් සංවිධානය

June 1, 2019 at 3:00 pm | by admin

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම්වලට ලක්ව අගතියට පත් කාන්තාවන් වෙනුවෙන් නොමිලේ නීති ආධාර ලබාදීම සඳහා “ලීගල් ඇක්ෂන්” නමැති නීති ආධාර ලබාදීමේ සංවිධානය ඉදිරිපත්ව සිටියි.

ඊයේ (31) කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි ලීගල් ඇක්ෂන් සංවිධානයේ අධ්‍යක්ෂ නීතිඥ චානක අබේවික්‍රම මහතා මේ බව සඳහන් කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණ සිටි කාන්තාවන් හමුවී ඔවුන්ගේ තොරතුරු විමසූ නීතිඥ අබේවික්‍රම මහතා තමන්ට සිදුවී ඇති හානියක් සම්බන්ධයෙන් අධිකරණයට ගොස් නීතිමය පිළිසරණක් බලාපොරොත්තු වන කාන්තාවන් සඳහා තම සංවිධානය නොමිලේ නීති ආධාර ලබාදීමට සූදානම් බව ප්‍රකාශ කළේය.

වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන්ගෙන් තමන්ට යම් හානියක් සිදුව ඇතැයි සැක කරනවානම් පළමුව ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිහිටුවා ඇති පැමිණිලි ඒකකයට පැමිණිලි කර ඉන්පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට යන අවස්ථාවේදී හෝ අධිකරණයට යන අවස්ථාවේදී තම සංවිධානයේ සහාය ලබාදෙන බවද නීතිඥ චානක අබේවික්‍රම මහතා පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස