වඳ සැත්කම් කියා ජාතියෙක් ලෝකෙ නෑ! වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගැනීමත් වැරදියි!

July 11, 2019 at 10:23 am | by emanisa.lk

වඳ සැත්කම් කියා දෙයක් ලෝකයේ නැතත් ඇතැමුන් එය පිළිගැනීමට සූදානම් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා තම තනතුර දේශපාලන කණ්ඩායමකට වාසි වන ආකාරයට ඉතාමත් තක්කඩි දෙස අවභාවිත කරන බවටද ඔහු චෝදනා කරයි.

කුරුණෑගල පළාත භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් වෛද්‍ය ෂාෆි සහබ්දීන් අත්අඩංගුට ගෙන ඇත්තේ කිසිදු පැමිණිල්ලකින් තොරව නීති විරෝධී ලෙස බවත් ඔහු සදහන් කරයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස