වෛද්‍ය ෂාෆි සමහර මව්වරු විනාඩි 40ක් තිස්සේ ක්‍රමානුකූලව සීසර් කළා! දරුවා දෝතට අරගෙන ආගම සිහිකර යාඥා කළා! – ශල්‍යාගාර හෙදියෝ…

June 19, 2019 at 5:38 pm | by emanisa.lk

සිංහල මව්වරුන් විනාඩි 12-15ත් අතර කාලයක් තුළ ඉතාම වේගයෙන් සීසර් කළ වෛද්‍ය ෂාෆි ශෙහාබ්ඩීන් මුස්ලිම් මවක සීසර් කිරීමේ දී විනාඩි 35-40ක කාලයක් ගෙන ඉතාම ක්‍රමානුකූල ලෙස සිදු කළ බව එම වෛද්‍යවරයා සමග ශල්‍යාගාරවල සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය ඒ පිළිබඳ සොයා බලන විමර්ශන කමිටුව හමුවේ පවසා තිබේ.

එහි හෙද නිලධාරීන් 69 දෙනා අතරින් 39 දෙනෙකු විශේෂ විමර්ශන කමිටුව හමුවේ සාක්ෂි දෙමින් වෛද්‍යවරයාගේ හැසිරීම සැකසහිත වූ බව පවසා තිබේ.

මුස්ලිම් දරුවකු උපදින විට ශල්‍යාගාරය මුස්ලිම් දේවස්ථානයක ස්වරූපය ගත් බවත් දරුවා දෑතට ගන්නා ෂාෆි වෛද්‍යවරයා ආගම සිහි කරමින් යාඥා කළ බවත් එම හෙද නිලධාරීන් පවසා ඇත.

සිංහල මව්වරුන් සීසර් කිරීමේ දී වෛද්‍ය ෂාෆි අනවශ්‍ය කලබලයක් ඇති කළ බවත් එහිදී තමන් මහත් අපහසුතාවට පත් වූ බවත් මෙවැනි අවස්ථාවල වෛද්‍යවරයා එම කාන්තාවන් වඳභාවයට පත් කිරීමට කටයුතු කළේ යැයි දැඩි සැකයක් මතු වන බවත් ඔවුන් හෙළිකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස