මංගල අවෛරයේ හොරාව මාතරින් අරඹද්දී මාතර ජනතාවට මංගලගේ නමත් එපා වෙයි! ගමේ නාම පුවරුව ගලවා විසිකරන යෝජනාව සම්මතයි!

June 11, 2019 at 1:03 pm | by emanisa.lk

බුදුන් වහන්සේගේ ධර්මය අනුව සියලු ජාතීන්ට මෛත්‍රී කරමින් සියලු ජාතීන් එකතු කරගනිමින් නව ශ්‍රී ලංකාවක් කරා යන ගමන මාතරින් අරඹන බව ඇමති මංගල සමරවීර ඊයේ (10) මාතර දී ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ආගම්වාදයට ජාතිවාදයට එරෙහිව ඇමතිවරයාගේ පාක්ෂිකයන් විසින් සංවිධානය කර තිබූ උත්සවයකට මාතර බස් නැවතුම අසල දී එකතු වෙමිනි.

මේ සඳහා හේතු වූයේ ඇමති මංගල විසින් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව ප්‍රකාශ කිරීම සහ අතුරලියේ රතන හිමියන්ට චීවරධාරියා යැයි බැණ වැදීම ඇතුළු බෞද්ධ විරෝධී ප්‍රකාශ නිසා භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධයන් ඇමතිවරයාට එරෙහිව නැඟී සිටීම සහ පොළොන්නරුව, ගම්පහ, මාතර ප්‍රදේශවල පන්සගල්වලට පැමිණීම තහනම් කිරීමය.

මේ අතර මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ ඇමතිවරයා නමින් නම් කර ඇති ගමක ජනතාව එම නම වෙනස් කර දෙන ලෙස ප්‍රාදේශීය සභාවට කරන ලද යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. යෝජනාවට පක්ෂව ඡන්ද 07ක් ද විපක්ෂව ඡන්ද 04ක් ලැබී ඇත.

ඒ සඳහා ගම්වැසියන් 110ක් පමණ අත්සන් කර ඇති අතර මංගල සමරවීර පෙදෙස යන නම ළිඳගාව වත්ත මාවත ලෙස නම් කරන ලෙස එමගින් ඉල්ලා ඇත. මේ පිළිබඳ කිරින්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා දැනුම්වත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස