ගැමුණු දෙවනපෑතිස් රජවරු දෙමළ! වසර 200කට පෙර ලංකාවම දෙමළ! ලංකාව සිංහල බෞද්ධ රටකුත් නෙමේ! – විග්නේෂ්වරන් උතුරේ සිට දකුණේ මංගල සමග එක්වෙයි….

June 1, 2019 at 8:52 am | by admin

දුටුගැමුණු සහ දේවානම්පියතිස්‌ස රජවරුන් ද්‍රවිඩ රජවරුන් බව හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

එසේම වසර 200 කට පෙර මීගමුවේ සිට උතුරු – නැඟෙනහිර දක්වාත් කතරගම දක්‌වාත් වාසය කළේ ද්‍රවිඩ ජාතිකයන් බවත් ඔහු පවසා තිබේ.

එහෙයින් ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ නොවන බව ද සිංහලයන් මේ රටේ හිමිකරුවන් නොවන බව ද හෙතෙම අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බවට දැක්‌වීම සඳහා 1919 න් පසු සිංහල බෞද්ධ මනස විකෘති කර ඇතැයි ද පවසන විග්නේෂ්වරන් වත්මන් දෙවිනුවර විෂ්ණු දේවාලය පවා ඉදිකරන ලද්දේ ද්‍රවිඩ කෝවිලක්‌ මත බවට ද චෝදනා කරයි.

එපමණක් නොව සිංහල භාෂාව ගැන කිසිදු සඳහනක් මහාවංශයේ දක්‌වා නැතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස