සජිත්ට සහාය ඕන නම් අපේ ඉල්ලීම් ඉටුකරනු! – රනිල් සම්බන්ධන් රහස් හමුවේදී සම්බන්ධන් ඉල්ලයි…

October 24, 2019 at 10:19 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් අතර රහස් සාකච්ජාවක් පවත්වා ඇති බව දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග පවසයි.

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දෙමළ දේශපාලපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනාවලිය හා ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවය සාකච්ජා කොට ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

එසේම එම සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් දෙමළ ‍ජනතාවගේ ඉල්ලීම් දිනා දිය යුතු බව ආර්. සම්බන්ධන් පවසා ඇති බවද දෙමළ දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස