සජිත්ට අපේෂකත්වය ඕන නම් මගේ යාළුවන්ගේ කැමැත්ත ගන්න! – අගමැති රනිල් සජිත් පිලට අත්තික්කා ගසක් පෙන්වා මල් ඉල්ලයි…

August 27, 2019 at 10:16 am | by emanisa.lk

“මම සජිත්ට අපේක්ෂකත්වය දෙන්න කැමතියි. හැබැයි මේ කට්ටිය කැමති කරගෙන එන්න.” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු පිරිසක් හමුවේ පවසා තිබේ.

මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් තිදෙනා සමග ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීම පිළිබඳ සිදුකළ සාකච්ජාවකදී අගමැතිවරයා මේ බව පවසා ඇත.

ඒ අනුව රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, සාගල රත්නායක ඇතුළු අගමැතිවරයාට ඉතාම සමීප පිරිසකගේ නම් ඔහු සඳහන් කර තිබේ.

මෙම පිරිස සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා කතානායක කරූ ජයසූරියගේ සහය ඉල්ලා සාකච්ජා කර ඇතත් කථානායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස