සජිත්ගේ පක්ෂයට ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක්! ප්‍රධාන ඉල්ලීම අලියා වෙනුවට වෙන සලකුණක්!

February 12, 2020 at 1:04 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කරන නව සන්ධානය සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබලම නායකයන් ඇතුළු පිරිසක් කැමැත්ත පළ කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පිරිසේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ අලියා ලකුණ වෙනුවට පොදු ලකුණක් ඉදිරිපත් කිරීම බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් අලියා ලකුණ හැර වෙනත් ලකුණක් සන්ධානයේ මැතිවරණ ලකුණ ලෙස ඉදිරිපත් විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයට සහ අලියා ලකුණට එකතු විය නොහැකි බොහෝ පිරිසක් පොදු ලකුණක් පොදු වර්ණයක් යටතට එක් කළ හැකි යැයිද ඔහු පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් බිහිවන නව සන්ධානයේ ලේකම් ධුරය අනිවාර්යෙන්ම රංජිත් මද්දුම බණ්ඩාරට හිමි විය යුතු යයිද ඔහු තව දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස