ජනාධිපතිවරණයට මෛත්‍රීගේ සහාය නොගත යුතුයි! – රනිල් සජිත් කුජීත කිරීමට සියලු කොන්දේසි දමයි!

September 25, 2019 at 11:00 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ජාවක් අද (25) දහවල් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. මෙම සාකච්ජාව සඳහා අගමැතිවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස පමණක් සහභාගි වී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කෙබඳු අවස්ථාවකදී වුවද වත්මන් ජනාධිපතිවරයාගේ සහයෝගය ලබා නොගත යුතු බවට වන කොන්දේසියක් එහිසී අගමැතිවරයා විසින් ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වෙයි.

මෙයට අමතරව තවත් කොන්දේසි බොහෝ ප්‍රමාණයක් රනිල් පාර්ශවය විසින් යෝජනා කර තිබේ. කෙසේ වුවද ඇමති සජිත් ප්‍රේමදාස අද මතුගම දී ප්‍රකාශ කළේ කිසිදු කොන්දේසියකට යටත්ව අපේක්ෂකත්වය ලබා ගැනීමට තමා සූදානම් නොමැති බවය.

මේ අතර හෙට (25) පස්වරු 3.00 ට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස