කොරෝනා පාලනය කරන්න පුළුවන්! ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොළ එළි!

January 29, 2020 at 11:57 am | by emanisa.lk

චීනය මූලික කරගෙන පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය පාලනය කළ හැකි බවට විශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

කොරොනා වෛරසය පිළිබඳව සොයා බැලීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානියා චීනයේ සිදුකළ සංචාරයක් අතරතුර දී බීජිං නුවරදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

වෛරසය පාලනය කිරීම සඳහා චීන රජය විසින් මේ වනතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තම සංවිධානය ප්‍රසාදය පළ කරන බවද ඔහු එහිදී සඳහන් කළේය.

චීනයෙන් විදේශිකයන් වහා ඉවත් කරගැනීම සහ හදිසි ක්‍රියාමාර්ගවලට යොමුවීම තම සංවිධාන විසින් අනුමත නොකරන බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස