කොරෝනා තර්ජනයට ලංකාවෙන් හොඳ පිළිතුරක්! කො⁣රෝනා වැළඳුණ චීන කත සුව අතට!

January 29, 2020 at 8:42 pm | by emanisa.lk

කොරෝනා වෛරසය වැළඳී IDH රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව මේ වන විට ක්‍රමයෙන් සුවවෙමින් පසුවන බව වාර්තා වෙයි.

43 හැවිරිදි මෙම කාන්තාව පසුගියදා රෝහල්ගත කළ අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණ දෙකක් මගින් තහවුරු වී තිබිණි.

මෙි වන විට විසි දෙනෙකු පමණ කොරෝනා ආසාදනය වූ බවට සැකපිට රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

විශේෂඥයන් පවසන්නේ ලංකාවෙි කොරෝනා වසංගතය පැතිරීමේ හැකියාව ඉතාම අවම මට්ටමක පවතින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස