චීනයේ සිරවී සිටින දරුවන් අපට වටිනවා! වහාම මව්බිමට ගෙන්වා ගන්න! – ජනපති ගෝඨාභය නියෝග කරයි…

January 25, 2020 at 9:40 pm | by emanisa.lk

චීනයේ වුහාන්හි සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රිලංකන් ගුවන්සේවා ආයතනයට ජනාධිපතිවරයා නියෝග කොට ඇත්තේ දැනට චීනයේ වුහාන් නගරයේ කොටු වී සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් යළිත් දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසය.

ශ්‍රී ලාංකික සිසුන් 44 දෙනෙක් පමණ වුහාන්හි සිර වී සිටිති. දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවීම ආදී කරුණු නිසා මෙම පිරිසට යළි මෙරටට පැමිණීමට නොහැකි වී ඇත..

මාරාන්තික “කොරෝනා ” වෛරසය මතු වී ලොව පුරා පැතිර ගියේ ද වුහාන් නගරය කේන්ද්‍ර කොටගෙනය මේ වන විට නගරයේ සිටි ජනතාව නගරයෙන් පළා ගොස් ඇති අතර දුම්රිය, බස්, ටැක්සි සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා බිඳ වැටී නගරයම පාළු ස්වරූපයක් උසුලයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස