කොරෝනා ලංකාව ආක්‍රමණය කරයි? චීන සහ ලාංකික දෙදෙනෙක් IDH රෝහලට!

January 25, 2020 at 10:00 pm | by emanisa.lk

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කොළඹ IDH රෝහලට කාන්තාවන් දෙදෙනකු ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් එම කාන්තාවන් දෙදෙනාට එම රෝගය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක සඳහන් කළේ චීනයේ වූහාන් පළාතේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් සහ මෙරට සංචාරයක් සඳහා පැමිණි චීන ජාතික කාන්තාවක් රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.

ඔවුන් පරික්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සෙම සාම්පල සහ රුධිර සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබේ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චීනයේ වූහාන්හි සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස