ශ්‍රී ලංකාව තවමත් කොරෝනා මාරායාගෙන් සුරක්ෂිතයි! IDH යැවූ සිව්දෙනාම පරීක්ෂණවලින් පසු රෝහලින් පිටව යති!

January 26, 2020 at 12:18 pm | by emanisa.lk

කොරෝනා වෛරස් රෝගයට ගොදුරුව ඇති බවට සැකපිට රෝහල් ගත කර තිබු රෝගීන් සිව්දෙනාගේ රුධිර සාම්පල් පරීක්ෂණයේදී එම රෝගීන්ට සැක කළ වෛරස් රෝගය ආසාධිත වී නොමැති බවට තහවුරු වූ බව බොරැල්ලේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනය සඳහන් කරයි.

එම පිරිසට වෛරසය ආසාදනය වී නොමැති බව සිදු කෙරුණු පරීක්‍ෂණවලින් තහවුරුවීමෙන් පසු රෝහලෙන් පිටත්ව ගිය බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සඳහන් කර තිබේ.

එම රෝගීන් සිව්දෙනාට වෙනත් කිසිඳු බරපතල ගණයේ වෛරස් රෝගයක් ආසාධිත වී නොමැති බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස