රට පුරා බැනර් කටවුට් නෑ! ආණ්ඩුවේ මුදලින් පිළිගැනීමේ උත්සව නෑ! ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාජිත දැරූ ධුරය අනිල් ජාසිංහට!

February 7, 2020 at 8:09 am | by emanisa.lk

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උපසභාපති ධූරයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්ව තිබේ.

ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට එම තනතුර පිරිනමා ඇත.

එම ධූරය වසරක කාලයක් සඳහා වලංගු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභා රැස්වීම ජිනීවාහිදී ඉකුත් 3 වැනි දින ආරම්භ වූ අතර පෙබරවාරි 8 වැනි දින දක්වා පැවැත්වේ.

මෙම ධුරය භාර ගැනීම සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රතික්ෂේප කර තිබූ අතර කොරෝනා වෛරසය පාලනය කළ යුතු හෙයින් අදාළ සමුළුවට ද සහභාගී වූයේ නැත. ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා යැව්වේ ඇමතිනිය විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස