ජනපති ගෝඨාභය චීන මිතුරා අතනාරී! රෝගී ජනතාවට සීලෝන් තේ තොගයක්!

February 7, 2020 at 1:48 pm | by emanisa.lk

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රකට සිලෝන් කලු තේ (Black Tea) තොගයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකවේ චීන තානාපති චෙංග් ෂියුආන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (06) ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම තේ තොගය පරිත්‍යාග කරනු ලැබීය.

දුෂ්කර අවස්ථාවේදි චීන රජයට හා ජනතාවට ශ්‍රි ලංකා රජය හා ජනතාව දැක්වූ සහායට චීන ජනාධිපති ෂී ජිං පිං හා චීන රජය වෙනුවෙන් තානාපතිවරයා ස්තූතිය පළ කළේය.

පීඩාවට පත්වූවන්ට සෙත් පතමින් පසුගියදා සංවිධානය කළ පිරිත් පිංකමට සහාය දැක්වූ සියලු දෙනාට චීන තානාපතිවරයා ස්තූතිය පළ කළේය.

වූහාන්වල සිටි සිසුන් ගෙන්වා ගැනීමට චීනය දැක්වූ සහයෝගයට ජනපතිවරයා චීන තානාපතිවරයා ස්තූතිය ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස