ලංකා රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ විශිෂ්ටයි! – චීන ජනපති

June 18, 2020 at 11:20 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.

ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිවරයාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී ජින්ග් පිං යොමු කළ ලිපියක් ඔහු රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.

කොරෝනා වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනා ගෙන ඇතැයි චීන දූත පිරිස සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේ වෛරසය පාලනයට සහාය වීම පිණිස චීන රජයෙන් වෛද්‍යධාර තොගයක් ද එවා තිබේ.

ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇත.

ආධාර තොගයේ ලැයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.

දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දීම පිළිබඳව රාජපක්ෂ ජනාධිපති ෂී, චීන ජනතාව සහ චීන සමාගම් වෙත සිය ස්තූතිය පුද කළේය.

චීනය හා ශ්‍රී ලංකාව කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා එක හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව චීන දූත පිරිස සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස