ඔබ ඉන්න තැනක පරිස්සම් වන්න! රට සුරක්ෂිත වන තුරු ගෙන්වන්නේ නෑ! – ජනපති

March 27, 2020 at 10:43 pm | by emanisa.lk

මේ වන විට රටේ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය පාලනය කරන තුරු විදෙස්ගත ලාංකිකයන් නැවත ගෙන්වීමට හැකියාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මේ වන විට විදෙස් රටවල වාසය කරන ලාංකිකයන් ඒ ඒ රටවල තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාලවලට සිය තොරතුරු දැනුම් දී තමන් දැනට සිටින ස්ථානවල ම ආරක්ෂිතව සිටින මෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් ඉල්ලා සිටියි.

එම කණ්ඩායම් සිටින ස්ථානවලින් ලංකාවට ගෙන ඒමට උත්සාහ කළහොත් අතරමග දී කොරෝනා ආසාදනය වීමේ අවධානමක් ඇති බවත් එහිදී වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ වන විට ආරක්ෂිත පිළියමක් ලෙස බොහෝ රටවල් සිය දේශසීමා වසා දමමින් ඇතැයි ද එහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස