ජනපති කටුනායක ගුවන්තොට සති දෙකකට වසයි!

March 17, 2020 at 2:49 pm | by emanisa.lk

කටුනායක ගුවන් තොටුපළ වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අද පැවති විශේෂ රැස්වීමකදී මේ තීරණය ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව අද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට මෙහිදී තීරණය කර තිබේ.

පසුගිය දින කිහිපයේදී විශාල පිරිසක් විදෙස් රටවල සිට මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනය කිරීම සඳහා ඔවුන් සිටින ස්ථාන සොයා ගැනීම සඳහා රජයට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බව ද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස