මහ ඡන්දෙට ගෝඨාභය 2/3ක් ගන්නවා! මංගල එජාප කෘත්‍යාධිකාරියට කියයි..

February 11, 2020 at 3:30 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන නව සන්ධානය ඉදිරිපත් වන ලකුණ පිළිබඳ ගැටුමක් ඇතිකරගෙන බෙදීමක් ඇති කරගතහොත් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ස්ථිරවම හිමිවන බව මංගල සමරවීර සඳහන් කර තිබේ.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ කුමන ලකුණින්දැයි ඡන්ද විමසීමක් සිදු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදීය.

ඡන්ද විමසීමේ ඉල්ලීම කරන අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස  සහ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම කණ්ඩායම කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවෙන් ඉවත්ව ගොස් ඇත. කෙසේ වුවද එහිදී ඡන්ද විමසීමක් පවත්වා එජාපය මැතිවරණය සඳහා අලියා ලකුණින් තරඟ වැදිය යුතු බවට සම්මත කරගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස