2015 රාජ්‍ය ණය බර රු. බි. 8යි! අපි ඒක බි. 13ක් කළා! – රවී

February 1, 2020 at 7:59 pm | by emanisa.lk

2015 වසර වන විට රු. බිලියන 08ක් වූ රාජ්‍ය ණය බර ප්‍රමාණය 2019 වන විට බි. 13ක් බවට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

එසේම රාජ්‍ය ආදායම 25%කින් අඩුව රාජ්‍ය වියදම 40%ක් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි. මේ තත්ත්වය රටට කිසිසේත් සුබවාදී නැති බවත් හෙතෙම අවධාරණය කරයි.

තමා මුදල් ඇමතිවරයා ලෙස රාජ්‍ය ආදායම 100%කින් ඉහළ දැමූ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව කටයුතු නොකර ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා වූ බවත් පවසයි.

බැඳුම්කර වංචා චෝදනා නිසා මුදල් ඇමති ධුරයෙන් රවී ඉල්ලා අස් වූ අතර අනතුරුව මංගල සමරවීර මුදල් ඇමති ධුරයට පත්විය.

සතිඅන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස