ඇමති මංගල දයා ගැටුමක්! දයා ඉල්ලා අස්වීමට යයි! (video)

February 27, 2019 at 6:36 am | by admin

මුදල් අමාත්‍යංශය මගින් තම අමාත්‍යංශයේ වැඩකටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් තරම් මුදල් නොලැබෙන බවත්  මේ තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද අමාත්‍ය දයා ගමගේ පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ තමන් යටතේ පවතින කම්කරු වෘත්තීය සබඳතා සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාම සඳහා ප්‍රමාණවත් මුදලක් තමන්ට මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන බවය.

සිය අමාත්‍යාංශය මගින් ඩොලර් මිලියන 1500 ක අපනයන ආදායමක් ලබා ගැනීමට සැලසුම් සකස් කළත් ඒ සඳහා රුපියල් මිලියන 1000ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය කටයුතු නොකිරීම හේතුවන් තම ඉලක්ක වෙත යාමේ ගැටලුවක් මතුව ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

රටේ ආර්ථිකය රඳා පවතින්නේ මුදල් අමාත්‍යාංශය මත බවත්, වැඩ කිරීමට අවශ්‍ය මුදල් නිසි වෙලාවට ලබා නොදේනම් වැඩ කිරීමට නොහැකි බව පවසන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් වැඩ කල හැකි කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට අසමත්ව ඇති බව හෙතෙම පෙන්පවා දෙයි.

ඉදිරියටත් මෙම තත්ත්වය පවතින්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව දයා ගමගේ පවසයි. ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍ය ධුරය සමයේ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ තමන් ගෙන යන සංවර්ධන කාර්ය පිළිබඳ නිසි ප්‍රචාරයක් ලබා නොදෙන්නේ යැයි ද ඇතැම් මැති ඇමතිවරු චෝදනා කළහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *