ආර්. ප්‍රේමදාස මළ දවසේ කිරිබත් දන්සැල් දුන් මංගල සජිත් ජනාධිපති කරන්න හදනවා! – මුසම්මිල් (video)

October 27, 2019 at 11:27 pm | by emanisa.lk

කොටි ත්‍රස්වාදීන්ගේ ප්‍රහාරයකින් ජනාධිපති ආර්. ප්‍රේමදාස මිය ගිය අවස්ථාවේ මාතර කිරිබත් රැල්ලක් විවෘත කර කිරිබත් කෑ ඇමති මංගල සමරවීර සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවීමට පෙරමුණෙ ගෙන සිටීම පුදුම සහගත බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාම්මිල් පවසයි. මේ විකාර දකින ආර්. ප්‍රේමදාස මළ වළේ පිනුම් ගසනු ඇතැයි ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

පෙට්ටි ගෙවල් 10-15ක් ගසමින් මහා ප්‍රෝඩාවක නිරත වන සජිත් ප්‍රේමදාසට කිසිදු දැක්මක් චින්තනයක් නොමැති නමුත් ගෝඨාභය රාජපක්ෂට රට ගොඩගැනීමේ සැලසුමක් ඇති බවත් ඔහු සිය පියා හෝ සහෝදරයා අනුකරණය කරන්නෙකු නොවන බවත් මුසාම්මිල් අවධාරණය කරයි.

නොවැම්බර් දෙසැම්බර් රාජ්‍ය සේවක පඩි ගෙවීමට ආණ්ඩුව රුපියල් බිලියන 20ක් ණය ගැනීමට සැරසෙන බවත් මෙම ආගාධයෙන් රට ගැනීමට සජිත්ට නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ රට සංවර්ධනය කළ හැක්කේ ජාතික ආරක්ෂාව තහවුරු කර රට සංවර්ධනය කිරීමේ සැලැස්මක් ඇතිව පැමිණෙන ගෝඨාභය රාජපක්ෂට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස