මට ඕන විදිහට මං අඳින්නේ! අපේ ආගම අවසර දීලා තියෙනවා! ඔයාට ඒවා වැඩක් නෑ! – බුර්කා කතක් දාන තග…(video)

February 5, 2020 at 2:21 pm | by emanisa.lk

වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලකට බුර්කාවක් හැඳ පැමිණි කාන්තාවක් සහ තවත් පුද්ගලයකු අතර සිදුවන සංවාදයක වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

පාස්කු බෝම්බ පිපිරීමත් සමග හදිසි නීතිය යටතේ බුර්කාව පැළදීම් තහනම් කරනු ලැබුවේ මෙරට මහජනතාවගේ ආරක්ෂාව උදෙසාය.

එහෙත් තවමත් බොහෝ ආයතන තුළට හිස් වැසුම් මෙන්ම බුර්කාව හැඳ ඇතුළුවීම තහනම් කර තිබේ.

කෙසේ වෙතත් එවැනි ආරක්ෂක ක්‍රමවේද පවතිද්දීත් සුපිරි වෙළඳසැල තුළට බුර්කාව පැළැද පැමිණි කාන්තාවක් ඊට විරුද්ධ වන පුද්ගලයෙකුට තර්ජනය කරන ආකාරය එම වීඩියෝවේ දැකිය හැකිය.

බුර්කාව පැළැද සුපිරි වෙළදසැලට ඇතුලු වන මෙම කාන්තාව ඇය වීඩියෝ කරන පුද්ගලයෙකුට පවසන්නේ තමන් කරන්නේ තමන්ට අවශ්‍ය දේ බවය. ඒ සඳහා සිය ආගමෙන් අනුමැතිය ලැබී ඇති බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස