ඌවේ බුර්කාව දිගටම තහනම්! දුටුතැන අත්අඩංගුවට ගන්නවා! ආගමක් වෙනුවෙන් රට ජාතිය ජනතාව පරදුවට තබන්න බෑ! – ඌවේ ආණ්ඩුකාර

September 24, 2019 at 1:51 pm | by emanisa.lk

බුර්කාව පැළදීමේ තහනම හදිසි නීතිය යටතේ ඉවත්ව ගියද ඌව පළාත තුළ එම තහනම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පොලිසියට උපදෙස් දී තිබෙන බව ඌව ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.

මේ අනුව ඌව පළාතේ කිසියම් හෝ ස්ථානයක යමෙකු බුර්කාව පැළඳ ගැවසී සිටින්නේ නම් ඔවුන්ව අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුවනු ඇතැයිද ආණ්ඩුකාරවරයා පැවසීය.

ඌව ප්‍රජා ගුවන් විදුළි සේවය සමගින් සිදුකළ සජීවී සංවාදයකට එක්වෙමින් බුර්කා තහනම හා ජාතික ආරක්ෂාව පිළිබද නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ආණ්ඩුකාරවරයා මේ අදහස් පළකර සිටියේය.

“ආගමක් වෙනුවෙන් රටත් ජාතියක් ජනතාවත් පරදුවට තබන්න බැහැ. මම අන්තවාදියෙක් නෙවෙයි. මුස්ලිම් වේවා බෞද්ධ වේවා දෙමළ වේවා ඔය කියන කුමන ආකාරයේ අන්තවාදයටත් මම විරුද්ධයි.

බුර්කාව ඇඳලා කවුරු හරි දැක්කොත් අල්ලන්න කියලා මම පොලිසියට උපදෙස් දුන්නා. ඔවුන් අන්තවාදීන් සමග සම්බන්ධකම් තියෙනවා ද කියලා හොයන්න ඕන.

මුස්ලිම් කාන්තාවන් පිරිසක් ඔළුවේ ඉඳලා දෙපතුළ දක්වා වහන්න ගත්තේ මෑතක. ඒ අන්තවාදීන් ඇසුරු කිරීම නිසායි. මම ඉන්න කල් ඌවේ ඒවා බෑ. මම යවලා ඕන දෙයක් කරන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස