බොරු නඩු පවරන්න ආණ්ඩුව කළ බලපෑම් රටට කී හිටපු FCID ලොක්කා එසැනින් හොරෙක් වෙයි! මුළු පවුලටම කළු සල්ලි ජාවාරම් චෝදනා එල්ල වෙයි!

October 29, 2019 at 7:56 am | by emanisa.lk

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ප‍්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාරගේ බිරිය කළු සල්ලි ජාවාරමට සම්බන්ධ සමාගමක අධ්‍යක්‍ෂකවරියක් ලෙස කටයුතු කර ඇති බව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ගොනුවූ ලියවිලිවලින් හෙළිවී ඇත.

මෙම කළු සල්ලි ජාවාරම ගැන විමර්ශන පැවත්වීම භාරවී තිබුණේ මූල්‍ය අපරාධ ඒකකයටය.

රවි වෛද්‍යලංකාර මහතාගේ පුත් අසේල ජයම්පති රාජසුන්දර වෛද්‍යලංකාර විසින් රුපියල් මිලියන 52 ක් ගෙවා කොල්ලුපිටිය මොනාක් මහල් නිවසක් මිලයට ගෙන ඇත.

එම ස්ථානය සූර්යා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ ලියාපදිංචි ලිපිනය වන අතර එහි අධ්‍යක්‍ෂකවරු ලෙස පුන්‍යා ප‍්‍රියානි මැනිකේ එඞ්වර්ඞ් සහ රවි වෛද්‍යලංකාරගේ බිරිය වූ ඇසළ පතිරගේ මේරි බැසිලිකා කටයුතු කරති.

පුන්‍යා එඞ්වර්ඞ් යනු රියෙන්සි මහේෂ් කුමාර එඞ්වර්ඞ් ගේ බිරිය වන අතර 2017 වසරේදී ඇමරිකානු නඩු අධ්‍යක්‍ෂක කාර්යාලය ඔහු ඇතුළු තවත් පස්දෙනකුට එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් වංචා කිරීම ගැන චෝදනා ලබා ඇත.

ඊට අදාළ පිටු 22 ක චෝදනා පත‍්‍රයක් ඇත. මෙලෙස වංචා කළ මුදල් ශ‍්‍රී ලංකාවේ බැංකුවකට බැර කර ඇතැයි සැක කෙරේ.

මේ සතියේදී අධිකරණයේ ගොනුවූ තොරතුරු වලට අනුව ඇමරිකානු චෝදනා සහ ශ‍්‍රී ලංකාවේදී සොයාගත් තොරතුරු අතර සබඳතාවක් පෙන්නුම් කරයි.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ගොනු කළ පැමිණිල්ලෙන් එඩ්වර්ඩ් මහතා ආසිරි රෝහලට සම්බන්ධ ඉඩමක් මිලයට ගෙන තිබේ. ඒ සඳහා රුපියල් බිලියන 2.6 ක් ගෙවා ඇත.

විමර්ශන වලදී තවදුරටත් හෙළිවී ඇත්තේ මේ මුදල ගෙවා ඇත්තේ නීතිවේදී රොම්ෂ් මද්දුම බණ්ඩාර කරලියද්ද නමැති නීතිවේදියකුගේ ගිණුමකිනි.

මුල්‍ය අපරාධ අංශය තවදුරටත් සිදුකළ විමර්ශන වලදී හෙළිවූයේ එඞ්වර්ඞ් මහතාගේ බිරියගේ අන්තිම කැමැති පත‍්‍රයේ පිටපතක් තමන්ට ලබාදීමට ඔහු කටයුතු කළ බවයි.

සූර්යා ඉන්ටර්නැෂනල් සමාගම 2016 දී ස්ථාපිත වූ අතර එම අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මූල්‍ය අපරාධ අංශයේ ප‍්‍රධානියා ලෙස සේවය කළේය. එහි අධ්‍යක්‍ෂකවරියක් වූයේ එඩ්ර්ඩ් මහත්මිය සහ වෛද්‍යලංකාර මහත්මියයි. ඔවුන්ට කොටස් 500 බැගින් තිබුණි.

එසේම මාලොස් කන්සල්ටින් පුද්ගලික සමාගම විසින් ඉහත කී මහල් නිවස රුපියල් මිලියන 52 කට මිලයට ගෙන ඇත. එම සමාගමේ අධ්‍යක්‍ෂක සහ එකම කොටස්කරු 35 හැවිරිදි අසේල වෛද්‍යලංකාරයි. මේ නිසා ඇමරිකානු නඩු අධ්‍යක්‍ෂකවරු ශ‍්‍රී ලංකාවේ විමර්ශකයන්ගෙන් මෙම සිද්ධියට අදාළ ලියවිලි ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස