ආණඩුවේ දේශපාලන දඩයම හෙළිකළ ඇවන්ගාර්ඩ් සේනාධිපති අත්අඩංගුවට!

October 17, 2019 at 9:28 am | by emanisa.lk

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති අද (17) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (16) රාත්‍රී 11.30 ට පමණ ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි ඇත.

කටුනායක ගුවන්තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් නිශ්ශංක සේනාධිපති මේ වන විට කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ දේශපාලන බලපෑම් මත නඩු පැවරූ බවට ප්‍රකාශ කරන හඬ පටය ප්‍රසිද්ධියට පත්කළේ ඔහුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස