දිල්රුක්ෂි-නිශ්ශංක දුරකතන සංවාදය මෙහෙය වූයේ ඇමති වජිර! නිශ්ශංක එළියට දැම්මේ කොටසක් විතරයි! තවත් ආන්දෝලනාත්මක කොටස් ඉදිරියේදී එළියට!

September 22, 2019 at 2:13 pm | by emanisa.lk

ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමග කතා කිරීමට දුරකතනය ලබා දුන් ඇමතිවරයා කවුදැයි හෙළි කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඊයේ (21) ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබිණි.

මේ අතර එම දුරකථන සංවාදය සම්බන්ධීකරණය කළ රජයේ ප්‍රබල ඇමතිවරයා වජිර අබේවර්ධන ද යන සැකය එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ මතුව ඇතැයි එජාපයට හිතැති වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

වජිර අබේවර්ධන හමුවීමට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කොළඹ 03, රැජින පාරේ පිහිටි ඔහුගේ නිවසට ගිය අවස්ථාවකදී නිශ්ශංක සේනාධිපතිට දුරකථන ඇමතුමක් ගෙන පසු එම ඇමතුම දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට ලබා දී ඇත.

නිශ්ශංක සේනාධිපති දැනට මුදා හැර ඇත්තේ එම දිගු සහ සම්පූර්ණ දුරකථන සංවාදයෙන් කොටසක් පමණක් බවත්, අතිශය ආන්දෝලනාත්මක කරුණු කාරණා ගණනාවක් එම සම්පූරණ හඬ පටයේ අන්තර්ගත වන අතර ඉදිරියේදී ඒ සියල්ල කොටස් වශයෙන් සමාජයට මුදා හැරීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වෙයි.

ඇමති වජිර අබේවර්ධන දීපාල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමග ද ඉතාම සමීප සබඳතාවක් ඇති බව ද එහි වාර්තා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස