එජාප ගැති ව්‍යවස්ථා සභාවේ අදූරදර්ශී වැඩකිඩ විජේදාස හෙළි කරයි!

February 12, 2019 at 3:36 am | by admin

ව්‍යවස්ථාදායක සභාව ඉතාම පක්ෂග්‍රාහීව සහ අදූරදර්ශී ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කරයි. උපරිමාධිකරණ විනිසුරුවරු සහ රජයේ උසස් නිලධාරීන් පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාව අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස කටයුතු කළ බව මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට පෙන්වා දෙන්නේ නිදර්ශන සහිතව යවන ලද ලිපියක් මගිනි.

එම ලිපියේ සඳහන් ආකාරයට සියලු සුදුසුකම් සැපිරූ නීතිඥ සුහද ගම්ලත්ට නීතිපති ධුරය අහිමි වන්නේ පසුගිය ආණ්ඩු සමයේ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරීම නිසාය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.එස්. වික්‍රමසිංහට පොලිස්පති ධුරය අහිමි වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වීම නිසාය.

සුදු කොඩි නඩුවේ තීන්දුවේ මුල් කර ගනිමින් දීපානි විජේසුන්දර අභියාචනාධිකරණ සභාපති ධුරයට පත් නොකළ බව ද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට ඇප ලබා දීම නිසා කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අභියාචනාධිකරණයට පත් නොකළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අභියාචනාධිකරණයට පත්වීමට සියලු සුදුසුකම් සපුරා තිබූ ඒ.ඒ.හෙයියන්තුඩුව, මහිලාල් වෛද්‍යතිලක හා අරුණ රණසිංහ යන මහාධිකරණ විනිසුරුවන්ට කිසිදු හේතුවක් නොදක්වාම එම අවස්ථාව අහිමි කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කළ බවට ද හෙතෙම චෝදනා කරයි.

මෙම පක්ෂග්‍රාහී අයුක්ති සහගත ක්‍රියාදාමය රාජ්‍ය පරිපාලනයට ඉතාම අහිතකර ප්‍රතිඵල ලබා දෙන බව හෙතෙම සිය ලිපියෙන් පෙන්වා දෙයි.

ව්‍යවස්ථාදායක සභාවේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය පිළිබඳ පසුගියදා ජනාධිපතිවරයා ද අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *