ආණ්ඩුවේ බලපෑම් හෙළිකළ දිල්රුක්ෂිට ගෙදර යන්න වුණා! මේ ආණ්ඩුව ගෙදර යවන කල් කැලේ ඉන්න අලියකුටවත් නිදහසේ ඉන්න නෑ! – මහින්ද

September 30, 2019 at 11:42 am | by emanisa.lk

සොලිස්ටර් ජෙනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහගේ වැඩ තහනමට සැබෑ හේතුව ආණ්ඩුවේ බලපෑම් පිළිබඳ ඇත්ත ප‍්‍රකාශ කිරීම යැයි විපක්‍ෂානයක මහින්ද රාජපක්‍ෂ පවසයි.

එහිදී විපක්‍ෂනායකවරයා මෙසේද පැවැසීය.

“වසර විසි ගාණකට පසුව අපිට සියලු මැතිවරණ උතුරු හා නැගෙනහිර පළාත්වල පැවැත්වීමේ හැකියාව ලැබුණා. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුන්නේ අපි. මේ ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවභාවිතා කළා. නමුත් මේ අය මැතිවරණ කල් දැම්මා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් චෝදනා නැතුව තමන්ගේ විරුද්ධවාදීන්ට නඩු පැවරූ ආකාරය ගැන සොලිස්ටර් ජනරාල්වරිය දැන් කියනවා. ඇත්ත කියන්න යෑම නිසා දැන් ඇයගේ වැඩ තහනම් වෙලා. මේ ආණ්ඩුව කරපු වැඩ ගැන දැන් එකිනෙක එළිවෙමින් තිබෙනවා. තවත් ඒවා ඉස්සරහදි එළිවේවි.

පහුගිය කාලේ නියඟය තිබුණා. දැන් වැස්ස වැඩිවෙලා ගංවතුර ගලලා. යුද්ධය නිම කරලා අපිට අවුරුදු දහයක් නිදහසේ ඉන්න ලැබුනේ නැහැ. මරාගෙන මැරෙන බෝම්බ පිපුරුණා. ජාතික ආරක්‍ෂාව විනාශ කළා. එතැනින් නැවතුණේ නැහැ. දැන් අලි මරා දමන්නත් පටන්ගෙන. කැලේ ඉන්න අලින්ට විස කවලා මරාදමනවා. කකුල් දෙකේ අලිනම් පන්නන්න ඕනෑ. මේ තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි”

කොළඹ, ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (29) පැවැති ලංකා සමසමාජ පක්‍ෂයේ විශේෂ මහ සමුළුවට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස