හොරු අල්ලන්න ආව ආණ්ඩුව හොරු රැක්කා! හොරු අැල්ලූ මාව ගෙදර යැව්වා! – තවත් රාජ්‍ය නිලධාරියෙක් නිහඬතාව බිඳී…

October 11, 2019 at 9:39 am | by emanisa.lk

හොරු ඇල්ලීමට පැමිණි ආණ්ඩුව හොරු ආරක්ෂා කරන අතර හොරු ඇල්ලූ තමන් ගෙදර යැවූ බව බරපතළ වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පවසයි.

රටේ රාජ්‍ය සේවය තුළ බරපතළ වංචා දූෂණ සිදුවන බවත් එම චූදිතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ආණ්ඩුවේ බලවත් ඇමතිවරු තමන්ට දැඩි ලෙස බලපෑම් කළ බවත් හෙතෙම හෙළි කළේය.

ඇමති රිෂාඩ් බදියුදීන් රු. බිලියන 15ක සහල් වංචාවක් කළ බව හෙළි කළ ලැසිල් ද සිල්වා රාජ්‍ය නිලධාරීන් කොමිසම වෙත කැඳවා අපහසුතාවට පත් නොකරන්නැයි අගමැතිවරයා දන්වා සිටි බව ද පැවසීය.

එක් චූදිතයකු නිදහස් කර ගැනීමට ඇමති වජිර අබේවර්ධන 31 වරක් තමාට දුරකතන ඇමතුම් ලබාදුන් බවද අවසානයේ ඔහුගේ අංකය බ්ලොක් කර දැමීමට තමාට සිදු වූ බව ද හෙතෙම අනාවරණය කළේය.

බරපතළ වංචා හා දූෂණ විමර්ශන කොමිසමේ ලේකම්වරයා මේ බව සඳහන් කළේ මහනුවර දී මාධ්‍ය හමුවක් අමතමිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස