බංකොලොත් විපක්ෂයේ මඩ අවලාදවල කිසිදු පදනමක් නෑ! ජනාධිපතිවරයාගේ පත්වීම නිත්‍යානුකූලයි! – ජනාධිපති නීතීඥ අලි සබ්රි

May 11, 2020 at 9:48 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසිභාවය ඉවත්කර ජනපති ධුරයට තරඟ කිරිම හා එම ධුරයට පත්විම නිත්‍යනුකූලව හා ව්‍යවස්ථානුකුලව සිදුකර ඇති බවත්, නොබෝදා නිකුත්කළ ඇමරිකන් පෙඩරල් රෙජිස්ටරය පදනම් කරගනිමින් විපක්ෂය එල්ල කරන චෝදනා නීතිය ඉදිරියේ බලශූන්‍ය ප්‍රකාශ බවත්, ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකන් පුරවැසිභාවය අහෝසි වු බවට ඇමරිකානු රාජ්‍ය 2019 අප්‍රේල් 17 දින නිල වශයේන් සහතියක් නිකුත් කරමින් පිළිගත් බවත් පැවසු සබ්රි, ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකන් පුරවැසි භාවය ඉවත් කරන ලෙසට එරට රජයේන් කළ ඉල්ලිම හා දිවුරුම් ප්‍රකාශය පිළිගනිමින් එම සහතිකය නිකුත් කර ඇති බව පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලිමෙන් සති දෙකකට පසුව ඇමරිකන් රජය නිකුත් කළ“certificate of loss of nationality of the united states“සහතිකය ප්‍රකාරව නීත්‍යනුකුලව පුරවැසි භවය අහෝසි වු බවත්, එය ප්‍රසිද්ධියට පත් කිරිම ඇමරිකන් පෙඩරල් රෙජිස්ටරය (federal-register-us/108-177642) මගින් සිදුකරන බවත් එය මෙරට රජය ගැසට් නිවේදනයක් නිකුත් කිරිමක් වැනි කාර්යයක් බවත් පැහැදිලි කළේය.

එම රෙජිස්ටරය මගින් සිදුවන්නේ එරට පුරවැසි භාවයේ සිටි අයෙක් පුරවැසි භාවය අහෝසි කරගත් පසු තවදුරටත් ආදායම් බදු අයකර ගන්නා කාණ්ඩයෙන් ඉවත් කළ බවට ප්‍රසිද්ධියට පත් කිරිමක් බවත් පැහැදිලි කළ සබ්රි පුරවැසි භාවය ඉවත් කරගැනිමේ නීත්‍යනුකූල ලියවිල්ලට ඉන් කිසිදු බලපැමක් නොවන බවත් රෙජිස්ටරයේ කිසිදු නෛතික වලංගුතාවක් ව්‍යවස්ථානුකූලභාවයට බලපෑමක් ඇති කරන ලියවිල්ලක් නොවන බවත්ය.

ජනාධිපතිවරයා නාම යෝජනා බාරදෙන අවස්ථාවේ පවා විපක්ෂය මෙම ප්‍රසිද්ධ කිරිම පිළිබඳ තර්ක ඉදිරිපත් කළ බව පෙන්වා දුන් සබ්රි ඊට යම් කාලයක් ගතවන බවට එහි දි ඇමරිකානු තානාපති කාර්යාලය පවා ප්‍රකාශයට පත්කර තිබු බවත් පැවසිය.

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලිම හා දිවුරුම් ප්‍රකාශය පිළිගෙන පුරවැසිභාවය අහෝසි කළ බවට 2019 අප්‍රේල් 17දි න නිකුත් කළ සහතිකය නොවැම්බර් මස පැවති ජනපතිවරණයට ව්‍යවස්ථානුකූල සහතිකයක් බවට නීතිය ඉදිරියේ සනාථ වෙමින් තිබිය දි මෙසේ තර්ක ගෙනහැර පෑම විපක්ෂයේ බංකොලොත් භාවය තව තවත් පෙන්නුම් කිරිමක් බව පැහැදිලි කළ සබ්රි රට පත්ව ඇති අගාධයෙන් මුදවා ගන්නා ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානි කරමින් ජනතාව නොමග යවා රජයට මඩ ගැසිම මේ තුලින් බලාපොරොත්තුව විය හැකි බවද කිවේය.

එම මඩ අවලාද හැර මෙම ප්‍රකාශවල කිසිදු නෛතික වලංගු භාවයක් ව්‍යවස්ථානුකූල භාවයක් හෝ සත්‍යතාවක් නොමැති බවද ප්‍රකාශ කළේය.

ඇමරිකානු රාජ්‍ය ක්‍රියාදාමය දන්නා ජනතාව මේ කරුණු අවබෝධ කරගෙන ඇති බවත්,එම රජයේ ක්‍රියා පිළිවෙත් නොදන්නා ඕනැම අයකුට වුව අදාළ සහතිකය දැකිමෙන් එය අවබෝධ වන බවත් කිවේය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සිකුරාදා නිකුත් කරන ලද ෆෙඩරල් රෙජිස්ටරය පදනම් කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම තනතුරෙන් ඉවත් කර, පසුගිය ජනාධිපතිවරණයේ දී දෙවැනි තැනට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් කර ගැනීම සඳහා අධිකරණය ඉදිරියට යෑමට ජාතික සමගි ජනබලවේගයේ ප්‍රබලයන් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ.

එම රෙජිස්ටරයයෙහි ඇතුළත් අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය අහෝසි වී ඇත්තේ මෙම වසරේ මැයි මස 08 දා ය යන තර්කය මත අධිකරණය හමුවට ගොස් රාජපක්ෂගේ පුරවැසිභාවය නැවත වරක් ප්‍රශ්න කිරීමට මෙම සාකච්ඡාවල දී යෝජනා වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෆෙඩරල් රෙජිස්ටරය අලුත් ම කලාපය නිකුත් වූ පසුගිය සිකුරාදා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ ගැන ඉඟියක් පළ කළේ ය. ඔහු එහි දී පෙන්වා දී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි වී නොතිබුණු බැවින් ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම වයවස්ථාව උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනුව ද්විත්ව පුරවැසියකුව සිටිමින් රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග වැදී ඇති හෙයින් ඔහුගේ පත්වීම අධිකරණ ක්‍රියාමාර්ග මගින් අහෝසි කර සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙසින් පිළිගත යුතු බව මෙම කණ්ඩායමේ අදහස වී තිබේ.

කෙසේ වුවද ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගෙන මේ වන විට වසර දෙකක් පමණ වන අතර ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් අයගේ නාම ලේඛනය මාස කිහිපයකට වරක් පළවන ෆෙඩරල් රෙජිස්ටරයේ කොටස් වශයෙන් පළ කරයි. ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් අයෙකුගේ නම එහි පළවන්නේ බොහෝ කාලයකට පසුය. මෙයට පෙර සිය ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගත් මිලින්ද මොරගොඩගේ නම ද ෆෙඩරල් රෙජිස්ටරයේ පළ වූයේ බොහෝ කාලයකට පසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස