ගෝඨා වෙනුවෙන් නාමල් පෙරට! හර්ෂාචාර්ය ට්විටර් පණිවිඩය මකා සැඟවෙයි!

August 16, 2019 at 1:54 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියකු බව ඇඟවෙන ආකාරයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කළ රාජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා එම පණිඩිඩය ගිණුමින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඔහු සිය මතය සනාථ කිරීම සඳහා සාක්ෂි ලෙස සපයා තිබූ ඇමරිකානු මූලාශ්‍රය ඊයේ දිනයේම ඉවත් කර ගෙන තිබීම විශේෂත්වයකි.

මේ අතර නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම ඔස්සේ ආචාර්ය හර්ෂට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ සිය පක්ෂයේ අපේක්ෂකයා පිළිබඳ කරදර විය යුතු නැති බවත් අවශ්‍ය අවස්ථාවක අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවත්ය. ඉදිරි මාස කිහිපය තුළ හෝ රට කනගාටුදායක ඉරණමින් ගලවාගත හැකි මගක් සහ තම ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න තෝරා ගැනීමට කටයුතු කරන ලෙස ද එමගින් ඉල්ලා තිබිණි.

ඇමරිකනු පුරවැසිභාවය අහෝසි කිරීම පිළිබඳ නිත්‍යානුකූල ලියවිලි මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධ කර ඇති පසුබිමක සිදුකළ මෙම අත්තනෝමතික ක්‍රියාව පිළිබඳ තමා ඉදිරිපත් කළ අදහස ඉවත් කරගත්ත ද ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කිරීමට පවා වගකිව යුතු ඇමතිවරයකු ලෙස හර්ෂ ද සිල්වා කටයුතු කරනොතිබිණි. ආචර්ය හර්ෂ ද සිල්වා යනු රංජන් රාමනායකගේ ඉංග්‍රීසි පිටපත බවට සමාජජාලාවල අදහස් ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස