ආණ්ඩුවේ අන්තිම තුරුම්පුවත් අතේ පත්තුවෙයි! ගෝඨා ඇමරිකන් පුරවැසියෙක් කියන ඇමරිකන් රජයේ ලිපිය බොරු!

November 15, 2019 at 4:29 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියකු බව සඳහන් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ බව පවසමින් සමාජ මාධ්‍යවල පතුරුවන ලිපිය අසත්‍ය ලිපියක් බව ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරිනියක් පවසා තිබේ.

එසේම එම ලිපිය නිකුත් කළ බව කියන නොවැම්බර් 11 වෙනිදා ඇමරිකාවේ නිවාඩු දිනයක් බවත් එවැනි දිනවල මෙවැනි ලිපි නිකුත් කිරීමක් සිදු නොවන බවත් ඇය පෙන්වා දී තිබේ.

එම ව්‍යාජ ලිපිය සහ ඒ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන නීතීඥ සංගමය නිකුත් කළ ලිපිය පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස