ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාය අහෝසියි! ඇමරිකානු ගමන් බලපත්‍රයත් භාරදෙයි!

April 27, 2019 at 5:58 pm | by admin

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය මාර්තු 06 වැනිදින ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාරදුන් අයැදුම ඇමෙරිකානු රජය පිළිගෙන තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආගමන හා විගමන ජාතිකත්ව පනතේ 394/A5 වගන්තියට අනුව ස්වේච්ඡාවෙන් පුරවැසිභාවය අහෝසිකර ගන්නා ආකෘතිය අනුව යමින් එම ලිපිලේඛන ඔහු භාර දී තිබේ.

ඒ අනුව ඔහුගේ පුරවැසිභාවය ඉවත් කෙරුණු බව තහවුරු කරමින් ඊට අදාළ ලිපිය මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඔහුට ලබා දී ඇත.

ඒ සමගම ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් දිවුරුමක් ලබා දී සිය සන්තකයේ තිබූ ඇමෙරිකානු ගමන් බලපත්‍රයද භාර දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස