ගෝඨත් ඇමරිකාව එක්ක ගිවිසුම් ගැහුවා! රටට වාසි නම් සෝෆා ගැහුවාට කමක් නෑ! තව රටවල් සෝෆා ගහලා තියෙනවා!- ඇමති හර්ෂ

July 3, 2019 at 7:45 am | by emanisa.lk

2007 වසරේ ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව සමග ගිවිසුමක් අත්සන් කළ බවත් 2017 වසරේ එය අලුත් කළ බවත් ඇමති හර්ෂ ද සිල්වා පවසයි.

එහෙයින් රටේ පුරවැසියන්ට යම් වාසියක් ලැබෙන්නේ නම් ඇමරිකාව සමග ගිවිසුම්ගත වීමේ වරදක් නැතැයි හෙතෙම පෙන්වා දෙයි. එමගින් රටට යම් හානියක් නොවීමට වගබලාගත යුතු බව ද ඇමතිවරයා සඳහන් කරයි.

රටවල් ගණනාවක් ඇමරිකාව සමග සෝෆා ගිවිසුම් අත්සන් කර ඇතැයි ද ඕනෑම අවස්ථාවක මාස හයක් ඇතුළත එම ගිවිසුම් ඉවත් විය හැකි යැයිද පැවසූ ඇමතිවරයා මෙතෙක් සෝෆා ගිවිසුම අත්සන් කර නැතැයි ද යකා කියන තරම් කළු නැතැයි ද කීවේය.

මුදල් ඇමති මංගල සමරවීර පවසා ඇත්තේ සෝෆා ගිවිසුම අත්සන් කළහොත් ඩොලර් මිලියන 400ක සහන ණයක් ලබා ගත හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස