ගෝඨා ඇමරිකා පුරවැසි බවින් ඉවත් වීම තෙවන කාර්තු ලේඛනයේ!

August 17, 2019 at 8:10 am | by emanisa.lk

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිබව ඉවත් කිරීමේ තොරතුරු 2019 තෙවැනි කාර්තුවේ එරට නාමලේඛනයට ඇතුළත් වන බව ඇමරිකානු ආරංචි මාර්ග කියා සිටී.

මේ වන විට ප්‍රකාශයට පත් වී ඇත්තේ මාර්තු 1 දා සිට ජුනි 30 දක්‌වා වූ නාම ලේඛනයයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසිකම අත්හල බවට දැක්‌වෙන තොරතුරු ඇමරිකානු නීතිරීති මත ප්‍රකාශයට පත් කිරීම නීති විරෝධී නිසා ඇමරිකානු රජය එම තොරතුරු හෙළිකර නැත.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බී.බී.සී. ආයතනය ද එම තොරතුරු ප්‍රකාශයට පත්කරන ලෙස කළ ඉල්ලීම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. මෙයට සමගාමීව ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කැනඩාවේ ඇති ද්විත්ව පුරවැසිබව සනාථ කරන තොරතුරු මෙරටට ලබාදීම ද කැනඩා රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස