පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මමයි! ජනාධිපතිවරණයෙන් දිනන්නෙත් මමයි! ගෝඨා සුද්දන්ගේ බීබීසියටම කියයි…

July 2, 2019 at 10:46 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා තමා බවත් අනිකුත් පක්‍ෂ සහ කණ්ඩායම්වල සහාය ලබාගැනීමට ක්‍රියාකරන බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බී. බී. සී. සේවය සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් ප‍්‍රකාශ කර ඇත.

තමා ජය ලබන බව විශ්වාස යැයි පැවසූ ගෝඨාභය රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසි බව ඉවත් කිරීම සඳහා ඇමරිකානු තානාපති කාර්යාලයට ලියවිලි ඉදිරිපත් කර ඇතැයි ද කීවේය.

ඇමරිකානු අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති නඩු පදනම් රහිත බව පැවසූ ඔහු එම නඩු දේශපාලන අරමුණු මත ඉදිරිපත් වූ ඒවා බවද පෙන්වා දුන්නේය.

තමා පසුගිය වසරවල කිහිප වතාවක්ම ඇමරිකාවට ගිය බවත් මේ නඩු දැන් පැවරෙන්නේ ඇයි දැයි විමසූ හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය විරුද්ධවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ තමා ජනාධිපතිවරණයට තරග වැදීම නතර කිරීමට බවද සඳහන් කළේය.

තමා ආරක්ෂක ලේකම් සමයේ අන්තවාදීන් ගැන සෙවීමට විශේෂ හමුදා බුද්ධි ඒකකයක් ස්ථාපිත කර පැවති බව පැවසූ හෙතෙම වත්මන් රජය එය අහෝසි කළ බවද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස