ඇමරිකන් ලියුම අතේ පත්තු වූ පසු ගෝඨාට මඩගහන්න හැදූ පච වීඩියෝව මෙන්න! වීඩියෝව ඩබ් කළේ කුප්‍රකට මඩ ඇමතිගේ ගෙදර! (video)

November 15, 2019 at 7:21 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියකු බව පවසන මඩ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරිනියකගේ වීඩියෝවක් ඩබ්කර මෙම මඩ වීඩියෝව නිර්මාණය කර ඇත්තේ ලංකාවේ කුප්‍රකට මඩකරි ඇමතිවරයාගේ නිවසේ ඇති ස්ටූඩියෝවේය.

එහිදී අදාළ ඇමරිකානු රාජ්‍ය නිලධාරිනිය පවසන ආකාරයට ඩබ් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියකු හෙයින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට ලංකාවේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති බවත්ය.

මේ වීඩියෝව පිළිබඳව ලංකාවේ සුප්‍රකට මාධ්‍ය ආයතනයක මාධ්‍යවෙදිනියක් ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් විමසූ අවස්ථාවේ සිනාසුනු ඔවුන් පවසා ඇත්තේ මෙම ක්‍රියාදාමය අද වන විට මහත් විහිළුවක් බවට පත්ව ඇති බවත් එවැනි අසත්‍ය තොරතුරු මගින් මෙරට බුද්ධිමත් ජනතාව රැවටීමේ හැකියාවක් නොමැති බවය. එහෙයින් මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීමට පවා තමන්ගේ උනන්දුවක් නොමැති බවය.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවය වාර්තා කරන්නේ හෙට (16) පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ 58%කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරන අතර සජිත් ප්‍රේමදාසට ඡන්ද 40%ක් ලබා ගත නොහැකි බවය.

පරාජයෙන් වියරු වැටුණු ආණ්ඩුව අපේක්ෂාභංගත්වයට පත්ව ගෝඨාභය රාජපක්ෂට එරෙහි මෙම මඩ අවලාද ව්‍යාපාරය දියත් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි. ඊට සම්බන්ධ වූ සියලු මැති ඇමතිවරුන්ට එරෙහිව සිය ආණ්ඩුවක් යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔවුහු අවධාරණය කරති.

තමන් ඉදිරියේ ඇති දැවැන්ත පරාජය කෙසේ හෝ ආපසු හැරවීමට අවසාන තප්පරය දක්වා මරාන්තික සටනක යෙදෙන ආණ්ඩුව ඉදිරි පැය කිහිපය තුළ ද තවත් මෙවැනි මඩ අවලාද ප්‍රචාරය කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ කිසිවකට නොරැවටී සිය ඡන්දය නොබියව පාවිච්චි කරන ලෙසත් පොදුජන පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස