දෙමළ සන්ධාන ඊළාම් යෝජනාවලිය ගැන කිසිවක් නොපවසනු! – රනිල් එජාපයට දැනුම් දෙයි…..

October 27, 2019 at 10:43 pm | by emanisa.lk

මැතිවරණයේදී සහයෝගය ලබාදීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ යෝජනා 13ක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතික්ෂේප කළ බව මේ වන විටත් පවසා තිබේ.

කෙසේ වුවද එක්සත් ජාතික පෙරමුණ මේ පිළිබඳ කිසිවක් ඍජුව ප්‍රකාශ කර නොමැත. මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සඳහන් කළේ එම යෝජනා ප්‍රතික්ෂේප නොකර පිළිනොගෙන නිහඬව සිටීමෙන් ද තහවුරු වන්නේ ඒවා පිිළිගත් බව යැයි කියාය.

මේ අතර එම යෝජනා 13 නිල වශයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලබාදී නොමැති බැවින් ඒ පිළිබඳ මැතිවරණ වේදිකාවේදී අදහස් පළ නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා (24) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී දැනුම් දී තිබේ.

අගමැති රනිල් සහ දෙමළ සන්ධාන නායක සම්බන්ධන් රහසේම කිහිප අවස්ථාවක් හමු වී සාකච්ඡා කර ඇති බව ද දෙමළ ඩයස්පෝරාව ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස දැඩි ලෙස බලපෑම් කරන බව ද දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස