එජාපයෙන් ජනපති සටනට එන්නේ රනිල්! අපේක්ෂකයා නම් කළාම අපේ තීන්දුව ගන්නවා! – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

August 18, 2019 at 1:01 pm | by emanisa.lk

සියලුම දේශපාලන පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයන් නම් කළ පසු දෙමළ පක්ෂ තමන් සහය දිය යුතු කණ්ඩායම තීන්දු කරන බව ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසීය.

ඊට පෙර දෙමළ පක්ෂ තම ඉල්ලීම් එකී දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කරන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.

ප්‍රධාන පක්ෂවලින් මෙතෙක් අපේක්ෂකයකු නම් කර ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණ පමණක් බවත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙතෙක් කිසිවකු නම් කර නොමැති අතර බොහෝ විට රනිල් වික්‍රමසිංහ ඒ සඳහා ඉදිරිපත් වීමට අවකාශ ඇති බවත් ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස