පාර්ලිමේන්තුවේ හදිසි නීති විවාදය යද්දි අගමැති ඇමරිකන් නැවක නැඟලා ජාත්‍යන්තර මුහුදට ගියා! – දයාසිරි ජයසේකර

June 29, 2019 at 8:08 am | by emanisa.lk

මේ ආණ්ඩුවේ අවසානය පිළිබඳ දින ගණන් කරන ජනතාව අලුත් ආණ්ඩුවක් අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට සූදානමින් සිටින බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

රටේ හදිසි නීතිය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අතර අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකානු නැවක නැඟී ශ්‍රී ලංකා සමුද්‍ර සීමාවෙන් ද ඔබ්බට ගිය බව ද හෙතෙම හෙළි කළේය.

මේ මොහොතේ අතිශය වැදගත් හදිසි නීතිය සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂයේ 15 දෙනෙකු පවා නොසිටි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා දෙමළ සන්ධානය හදිසි නීතිය සඳහා ඡන්දයක් ඉල්ලා සිටීමට පෙර තමන් එය සම්මත කර ගැනීමට කටයුතු නොකළේ නම් විශාල විනාශයක් වීමට ඉඩ තිබුණු බව හෙළි කළේය.

එසේ වූයේ නම් දැනට අත්අඩංගුවේ සිටින සියලු ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට සිදුවන බවත් මේ ආණ්ඩුව වගකීමකින් යුතුව කටයුතු කරන්නේ යැයි පැවසිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

රූපවාහිනී නාළිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස